‘ඉන්ධන මිල අඩු කිරීමේ තීරණයක් තවම නැහැ‘


(ඩයනා උදයංගනී)

ඉන්ධන මිල අඩුකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය,  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

වත්මන් රජය බලයට ආ පසු ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකළ බැවින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල අලාභයක් සිදුව ඇතැයි කී ඇමතිවරයා එම අලාභය ආවරණය වන තුරු ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට දිය නොහැකි බව ද සඳහන් කළේය.

තෙල් මිල අඩුවීම තුළින් එම අලාභය ආවරණය කරගැනීමට බලාපොරොත්තු වන බව කී ඇමතිවරයා එය ආවරණය වූ පසු මිල අඩුවීමේ පූර්ණ ලාභය ජනතාවට ලබාදෙන බව ද කියා සිටියේය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවය ලැබෙන්නේ කවදාද? යනුවෙන් මාධ්‍යවේදියෙකු