‘ආලාපාළු ආර්ථිකය අද දොරට වඩී‘


හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත බලය සහ බලය දෙවැනි අදියර ලෙස ‘ආලාපාළු ආර්ථිකය‘ ග්‍රන්ථය අද (15) එළි දක්වයි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයාය. රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට අවශ්‍ය පරිදි පසුගිය කාලයේ සිදු කැරුණු රටට අහිතකර ගනුදෙනු සහ ආර්ථික ඝාතන පිළිබඳවත් ඒ හරහා ගොඩ නැගුණු කැසිනෝ හල්, වරාය, ගුවන්තොටුපොළ හා වෙනත් ආර්ථික සංවර්ධනය මුලාවෙන් රටේ සිදුවූ ආලාපාළු ආර්ථිකය පිළිබඳවත් මෙගා ඩීල් සම්බන්ධයෙනුත් නම් ගම් සහිතව හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.