(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් විදේශීය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මහා පරිමාණයෙන් අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කර අලෙවි කිරීමේ ක්‍රමවේදය නවතා දමන ලෙස ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දුන් රාජ්‍ය පාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, එවැනි වෙළදාම් කරන පිරිසට නීතිමය පියවර ගන්නැයි නගරාධිපති ජාලිය ඕපාත මහතාට දැනුම් දුන්නේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(30) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අමාත්‍යවරයා මෙම දැනුම් දීම කළේය.
එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිලිය මුදල් අයකිරීමකින් තොරව මහජනතාවට නොමිලේ ලබා දීමට තීරණය කර ඇතත් තවමත් මුදල් අය කෙරෙන බව තොරතුරු හෙළි වීමත් සමඟ එය වහා නවත්වන ලෙසත්, වැසිකිළි පද්ධතිය පිරිසිදුව පවත්වාගෙන ගෙන යාමටද ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක "නාඩි" වෙළඳාම නවතා දමන්නැයිද ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක මහතාට දැනුම් දුන් අතර අපිරිසිදු තත්ත්වයේ වෙළදම් කටයුතුවල නියැලුණ පිරිසකට නීතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අඅදාළ අංශ වෙත දැනුම් දුන්නේය.
එළවළු මිල ඉහළ ගිය අවස්ථාවක මෙවැනි කූට ජාවාරම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු නොවිය යුතු යැයි ද එහිදී අමාත්‍යවරයා කළමණාකරන භාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
හිටපු පළාත් සභා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත නියෝජ්‍ය නගරාධිපති සමීර ජයසේකර ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාර කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න යන මහත්වරු ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.




