‘ආර්ථික දැනීමක් නැති අයගේ තීරණ වලින් රට ප්‍රපාතයක’


(නිමල කොඩිතුවක්කු)

හදිසි නීතිය පනවා හමුදා නිලධාරීන් යොදවා  රටේ ආර්ථික ප්‍රශ්න විසදීමට නොහැකි බව රජය දැන්වත් තේරුම් ගත යුතුව ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය.

ආර්ථිකය පිළිබඳ කිසිදු දැනීමක් නොමැති පුද්ගලයන් ගනු ලබන තීරණ හේතුවෙන් රට ගොඩ ගැනීමට නොහැකි ප්‍රපාතයක සිර වනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආර්ථිකය පිළිබඳ දැනුමක් ඇති විශේෂඥයන්ගේ උපදෙස් මත වෙළඳපල ඉලක්ක කර ගනිමින් මෙම ගැටලු විසදීමට  රජය කඩිනමින් තීන්දු  ගත යුතු බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවසීය.