(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව තුළ සර්වපාක්ෂික එකඟතාවක් තවමත් ඇතිකරගෙන නැතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
අමාත්‍යාංශ වලට නිරීක්ෂණ කමිටු තවමත් පත්කර නැතැයිද උන්වහන්සේ චෝදනා කළේය.
රතන හිමියන් මෙසේ චෝදනා කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. රටේ අද පවතින අර්බුදය විහින් ඇති කර ගත්තු එකක් බවත් පසුගිය කාලයේ සියලු පාලකයන් ඊට වගකිව යුතු බවත් රතන හිමියෝ සඳහන් කළහ.