‘අස්කරගන්න අස්සන ගැහුවේ කුමකටද?‘


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ‍යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කර ගැනීම තමා අනුමත නොකරන බව දකුණු පළාත් මහ ඇමැති ශාන් විජේලාල් මහතා ගාල්ලේදී ප්‍රකාශ කළේය. ‘කෙනෙකු අත්සන තැබිය යුත්තේ එහි ඇති දේ කියවා බැලීමෙන් පසුවයි. එසේ නැතුව අත්සන් කර ආයේ ඉල්ලා අස් කර ගැනීමේ තේරුමක් නෑ.‘ ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි ජී පත්මසිරි මහතා දෝශාභියෝගයට අත්සන් කර පසුව එය ඉල්ලා අස්කරගත්තේය.