මෙවර ඌව පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ ආධිපත්‍යයේ විශාල ඉරි තැලීමක් බව ප්‍රංශයේ හිටපු තානාපති මෙන්ම දේශපාලන විචාරක වන ආචාර්ය දයාන් ජයතිලක මහතා කියයි.
‘මේ ආණ්ඩුව අවුරුදු 20ක ඉඳලා රට පාලනය කරනවා. චන්ද්‍රිකා මහත්මිය කාලයක් පාලනය කළා. දැන් අවුරුදු දහයකට ළං වෙන්න මහින්ද මහත්තයා යටතේ රට පාලනය කරනවා.
මේ ආණ්ඩුවේ උච්චතම අවස්ථාව ආවේ 2009 වසරෙදි. ඒ යුද්ධය නිමා කළ කාලයේ. ඉන් පස්සේ 2009 ජිනීවා රාජතාන්ත්‍රික යුද්දේ එහෙම නැත්නම් සීතල යුද්දෙත් දිනුවා. 2010 ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා. ඉන් පස්සේ ආණ්ඩුවේ අවරෝහණයට ආවා. එය පටන් ගත්තේ 2012 ජිනීවා මානව හිමිකම් යෝජනාවෙන් ලංකාව පරාජයවීමෙන් පසුවයි.
උතුරු පළාත් ඡන්දය පරාජය වුණා. ඊළඟට ඌව. ඌව ආණ්ඩුව යන්තමින් ගොඩ ආවාට ශක්තිය බොහෝ සෙයින් අඩුවෙලා. ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය අඩුවෙලා.
ඌවේ ජනතාව මේ පෙන්නුවේ ආණ්ඩුවට තිබෙන අඩු පිළිගැනීමයි. පාලන ශෛලිය, හැසිරීම, පවුල්වාදී දේශපාලන ජනතාව ප්‍රතික්ෂේප කරමින් යනවා. මේ ක්‍රමය ගැන ආණ්ඩුවට සිතා බලන්න කාලය ඇවිත්.‘
ඌව පළාත් සභා ඡන්දය පිළිබඳ ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ විග්‍රහයක් සහිත විශේෂ වීඩියෝව පහත දැක්වේ.

