‘අර්ථ නිරූපන පෙත්සම් දෝෂ සහිතයි‘
අග විනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධ විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟදැයි අර්ථ නිරූපණයක් ඉල්ලා අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් දෝෂ සහගත යැයි නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා නිමල් ගාමිණී අමරතුංග මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිෂ්ච මණ්ඩලය හමුවේ අද විරෝධතා ඉදිරිපත් කළේය.
අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් හතක් සම්බන්ධයෙන් මෙම අර්ථ නීරූපනය ඉල්ලා තිබිණි.
අභියාචනාධිකරණය මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ සහ නීතිපති යන දෙපාර්ශවයේම කරුණු විමැසිය යුතු වුවත් මෙහිදී එය සිදුවී නැතැයි තර්ක කළ නීතිපති එහෙයින් මෙම පෙත්සම් විභාගයට ගැනීමට ඉඩක් නැතැයි ද තර්ක කළේය.
විභාගය සිකුරාදාට කල් තැබිණි.

