‘අර්ථ නිරූපන පෙත්සම් දැන් එපා‘


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නීතිමය බලතල පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය  කිරීමේ විනිෂ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නිමල් ගාමිණී අමරතුංග විනිසුරුතුමන් සිටීම නුසුදුසු බවත්, දෝෂාභියෝගය සම්බන්ධයෙන් දැනටම තීරණයක් දී ඇති නිසා අර්ථ නිරූපන පතමින් ඉදිරිපත් කළ පෙත්සන් හතම ඉවත දමන ලෙසත් ඉල්ලමින් දෙදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. රජවල නන්දරතන හිමි හා සුජීමා චාන්දනී මේ පෙත්සම් ගොනු කළහ.