(ඩයනා උදයංගනී)
ඉන්ධන සඟවා තබා හිඟයක් මවාපෑමට කටයුතු කරන ඉන්ධන අලෙවිසල්වල බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දිවයිනේ කිසිම ඉන්ධන හිඟයක් නොමැති බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බව ද සඳහන් කළේය.
එසේ තිබියදීත් කිසියම් පිරිසක් විසින් කෘතිම ඉන්ධන හිඟයක් මවාපෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන අලෙවිසල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
කිසිඳු හිඟයකින් තොරව ප්‍රමාණවත් තරම් ලබාදීමට අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව පවතින බැවින් ජනතාව මේ ගැන ඇතිකරගත යුතු නැතැයි ද ඇමතිවරයා කියා සිටියේය.

