‘අය වැය මහ බොරුවක්‘


අයවැයෙන් රජයේ සේවකයන්ට වැඩි කර ඇත්තේ දවසකට බුලත්විට දෙකක මුදල බවත්, එහෙත් ගොවි විශ්‍රම වැටුප කප්පාදු කොට කැසිනෝවලට බදු සහන දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

‘අයවැය හිස් ලියැවිල්ලක්. පුස් දෙඩවිල්ලක්. මහජනයාට කිසිම වාසියක් නෑ. රජයට කෙටි හෝ දිගුකාලීන ආර්ථික විසඳුම් නෑ.  දුරකතන ගාස්තුත් වැඩි කරලා. ආදායම රුපියල් කෝටි 1045යි. වියදම රුපියල් කෝටි 1038යි. ‘