‘අපි කවුරුත් එකයි‘
‘ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ. මහා ජාතියකුත් නැහැ. සියලු දෙනාම මහා ජාතිකයෝ. කවුරුත් එක සමානයි‘ යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපති අක්කරපත්තුව අතඋල්ලා ක්‍රීඩාංගනයේ දී නැගෙනහිර සමාප්ති ඡන්ද රැස්වීමක දී පැවැසීය. ඇමැති ඒ.එල්.එම් අතාවුල්ලා ගැන සඳහන් කළ ජනපති කිවේ 2005 දී ඔහු කළ ඉල්ලීම් දෙකම ඉටු කළ බවයි.‘ මුස්ලිම්වරුනට දිනකට පස් වරක් යාච්ඤා කිරීමට හැකි වටපිටාවක් සලසන ලෙසත් යුද්ධය අවසන් කරන ලෙසත් ඔහු ඉල්ලුවා‘ විශාල පිරිසක් මෙම රැස්වීමට පැමිණ සිටියහ.

