‘අපරාධ ප්‍රතිනිරූපනය හරි වැරදියි‘


‘කොටකෙතන අම්මා මැරූ බවට සැකපිට පුතා අත්අඩංගුවට ගත්තා. ගමක ළමයෙක් අම්මා මරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. මාධ්‍ය මගින් නැවත ඒවා ප්‍රතිනිරූපනය කිරීමෙන් පවට බර තරුණ සිතක් එය නැවත කරන්නට ඉඩ තිබෙනවා. අම්මා මරණ, තාත්තා මරණ, නංගී දූෂණය කරන මේ චින්තනය වෙනස් කරන්න අවශ්‍යයයි. ඒවා වෙනස් කරන්න නම් දාර්ශනික ප්‍රබෝධයක් ඇති කළ යුතුයි.‘ යැයි පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත්‍රභද්‍ර හිමියෝ බෙල්ලන්තර සිරි සදහම් ආශ්‍රමයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූහ.

තමා විවේචනය කිරීමට ඕනෑම කෙනෙකුට හැකි බවත්, තමාට එරෙහිව එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට ද සාධාරණ අවස්ථාවක් ලබා දිය යුතු බවත් ඒ හිමියෝ කීහ.

සමාජයේ දාර්ශනික විප්ලවයක් ඇති කිරීමට ගිය ඕෂෝ, සොක්‍රටීස්, ජියඩානෝ බෘනෝ, ගැලීලියෝ ගැලිලි, සිග්මන්ඩ් ප්‍රොයිඩ්, අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්ටයින්, ඒබ්‍රහම් ලින්කන්, රයිට් සහෝදරයන් සහ මහත්මා ගාන්ධිට ද එකල සමාජයෙන් විවේචන එල්ල වූ බව සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.

කොටකෙතන ගම්වාසීන්ට ආශිර්වාද කිරීමට ධර්ම යාත්‍රාවක් සංවිධානය කර ඇති බවත්, ගමේ පාසල් දරුවන්ට හා පිරිවෙන්හි ශිෂ්‍ය හිමිවරුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය බෙදාදීමට බලාපොරොත්තු වන බවත්, එහි ගොස් මියගිය අයට පිං අනුමෝදනා කරන බවත් සිරි සදහම් ආශ්‍රාමවාසී ධම්ම ජාත හිමි කීවේය.

වෙසක් පොහොය නිමිත්තෙන් සදහම් ආශ්‍රමය පිහිටි ගම්මානයේ පිඬුසිඟා වැඩීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

IMG_8467 IMG_8468 IMG_8497 IMG_8498 IMG_8512 IMG_8513 IMG_8522 IMG_8545 IMG_8602 IMG_8621 IMG_8625 IMG_8630 IMG_8665 IMG_8711 IMG_8862