‘අන්තවාදයේ බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ‘


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
                                                         

පැහැදිලි තීන්දු  තීරණ  ගත  නොහැකි  අන්තවාදයේ  බලපෑමට යටත් වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (03)  පැවසීය.

එබැවින් ජනතා පරමාධිපත්‍යය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුළින් විසඳාගත යුතු බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

පටු දේශපාලන අරමුණු මත ජාතීන් අතර භේද වපුරනවා වෙනුවට ජාතිය ගොඩ නැගීමට එකතු වන්නැයි තමන් අදාළ දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීවේය. 

රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරන බවත් කී ජනාධිපතිවරයා ඕනෑම පුරවැසියෙකුට අභිමත ආගමක් ඇදහීමේ නිදහස සුරකින බවද ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අමතමිනි.