‘අතේ පත්තු වන බොරු එපා‘
කැලණි විශ්ව විද්‍යාලයය වසා දමා තිබිය දී, එහි ආචාරයවරුන් දෙමාසයකට වැඩි කාලයක් වර්ජනය කැර තිබිය දී, පළාත් සභා තුනේ මැතිවරණය සන්ධානය විශිෂ්ට ජයක් අත් කැර ගනිතියි රජය අතේ පත්තු වන බොරු කියතියි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කොළඹ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කෙළේය. ඔහු මෙසේ ද කීවේය. ‘‘ පෙබරවාරියේ උද්ධමනය සියයට 2.7 අද සියයට 9.8කි. සිමෙන්ති මිල රුපියල් 100කින් වැඩියි. බස් ගාස්තු කිරිපිටි, තෙල්, විභාග ගාස්තු ආදිය වැඩි කළා. කිරි ලීටර් ලක්ෂ ගණන් කාණුවට හළනවා.

