‘අජිත් ප්‍රසන්නගේ පැමිණිල්ල ද්වේෂසහගතව ගොතපු පුවතක්’


(ආරියරත්න රණබාහු, සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
 
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ සහෝදරයකු වන රිල්වාන් නමැත්තා රෝහල් ගතකර සිටියදී ඔහුගේ සුව දුක් විමසීමට ගිය බව සඳහන් කරමින් පුවත්පත්වල පළවූ වාර්තා සහ ඊට මූලික වූ මේජර් අජිත් ප්‍රසන්න නමැත්තාගේ පොලිස් පැමිණිල්ල සත්‍යයෙන් තොර ද්වේෂ සහගත ලෙස ගොතන ලද ප්‍රවෘත්තියක් යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඒ බව පැවසූ හකීම් මහතා බළලුන් ලවා කොස්ඇට බාවමින් මේ අර අඳින්නේ නොහැකියාව වසාගෙන පරණ මඩවලින් ම ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ගොනාට ඇන්දවීමට බව තමාට තේරුම් ගත හැකි යයි ද කීය.
 
බුදුන්වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රය උපමා කරගනිමින් සිය ප්‍රකාශය නිමා කළ මුස්ලිම් කොංග්‍රසයේ නායකයා අවසාන වශයෙන්ද ලෝකයේ සම්මත සත්‍යය හා පරමාර්ථ සත්‍ය පිළිබඳව වූ බුදු වදනද උපුටා දැක්වීය.