‘අක්මීමන සැකකරු දියේ ගිලී මැරේ‘


දේමුනි පූජනි හසන්ති ලංකාතිලක (08) දැරිය කෙළෙසා මරා දැමීයැයි කියන පුද්ගලයා මාදොළේ ගිලී මියගිය බව පොලිසිය කියයි. පොලීසියට ඇඳුම් වගයක් පෙන්වීමට යද්දී සැකකාර ගාමිණී කුමාර සමරවීර (27) මාදොළට පැන ඇතැයි ද ඔහු බේරාගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ද ජලය පෙවී රෝහල්ගත කළ බවත් පොලිසිය කියයි. මේ සිද්ධිය වාර්තා වූයේ බ්‍රහස්පතින්දා රාත්‍රී අටට පමණය.

පොලිස සුනඛ රොනී සැකකරු අල්ලා ගැනීමට උපකාරී විය. ඉව ඔස්සේ ඔහුගේ නිවසේ ඇඳ ළඟටම රොනී ගිය බව පොලිසිය කියයි.SAM_8347

ඡායාරූපය සජීව විජේවීර