(මුදිතා දයානන්ද)
සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් පිහිටුවිමේ ගැසට්ටුව අත්හිටුවිමට ආණ්ඩුව ඉතාමත් හොඳ තින්දුවක් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අද (20) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී සයින්දමරුදුහි පිහිටවු නව නගර සභාව අත්හිටුවිමට ගත් තිරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අවශ්‍ය ජනගහන අනුපාතය තිබේ නම් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකට එක් පළාත් පාලන ආයතනයක් ලබාදීම නිත්‍යානුකූල බවද සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් ලබාදුන්නේ ඒ අනුව බවද ඔහු පැවසීය.
සයින්දමරුදුවලට වෙනම පළාත් පාලන ආයතනයක් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිට බවද එය ඔවුන්ගේ මානව අයිතියක් බවද මන්ත්‍රීවරයා පැවසිය. ඒ අනුව සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් පිහිටුවීමේ කිසිදු නිතිමය ගැටලුවක් නොමැති බවද එසේම ඊට අදාල කැබිනට් තීරණය ගෙන තිබෙන්නේ පසුගිය ආණ්ඩු සමයේදි වන අතර එය වත්මන් ආණ්ඩුවේ උවමනාවක් පමණක් නොවන බවද ඔහු පැවසීය.
එහෙත් පාස්කු ඉරිදා දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදි කණ්ඩායස් ජීවත්ව තිබුණෙත් ඔවුන්ගේ පුහුණුවීම් කර තිබුණෙත් මේ ප්‍රදේශයේ විම නිසා මේ නගර සභාව පිහිටුවීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇතිවූ බවද ඒ අනුව එය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කිරීම ඉතාමත් හොඳ බවද ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

