‘ ප්‍රමාද නොකර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි‘


(සුජිත් හේවාජූලිගේ)

සීමා නිර්ණයේ අඩුපාඩු හඳුනාගෙන අලුත් ක්‍රමයට පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පැවැත්විය යුතු යැයි රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂය පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘ලංකාදීපය’ට පැවැසූහ.

පැරැණි දූෂිත මනාප ක්‍රමයට ඡන්ද පැවැත්වීමට විරුද්ධ යැයි ද උන්වහන්සේ කීහ.

අතුරලියේ රතන හිමියෝ මෙසේ ද පැවැසූහ.

‘අලුත් ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුමයි. අප ඡන්දය කල් දාගත්තේ ආපහු පරණ ක්‍රමයට යන්න නෙවෙයි. සීමා නිර්ණයේ අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරැදි කරගෙන සියලු පාර්ශ්ව සමඟ  සාකච්ඡා කර පොදු තීරණයක් අරගෙන අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීමට සියලු දෙනා කටයුතු කළ යුතුයි. අප යහ පාලනය ගෙනාවේත් එවැනි යහ අරමුණු වෙනුවෙන්. අපිට ඒ අරමුණුවලින් පිටයන්න බැහැ.’