‍පොල්ගෝනියෙන් ඉබ්බෝ එළියට


ඉබ්බන් දස දෙනකු ගෝනියක දමාගෙන රැගෙන යමින් සිටි දෙදෙනෙක් වැල්ලම්පිටිය නගරයේදී අද දහවල් පොලිසිය විසින් අත්අඩගුවට ගනු ලැබූහ.  ගෝනියේ මොනවාදැයි ඇසූ විට පොල් එහි ඇතැයි කීවත් පොලිසිය ගෝනිය ලිහා බැලුවේය. කොලොන්නාවේ වගුරු බිමකින් අල්ලාගත් බව කියන මේ ඉබ්බන් විකිණිම සඳහා රැගෙන යමින් සිටි බව පොලිසිය පවසයි