ගොවි හිස සොයා වැසිකිළි වළක් හාරයි
විසි වසරකට පෙර බෙල්ල කපා මරා දැමුණු ගොව්යෙකුගේ හිස සොයා යක්කලමුල්ලේ වැසිකිළි වළක් සිකුරාදා හැරීමට නියමිතය. මළ සිරුරේ කඳ තේ වත්තක කාණුවක වළ දමා ඇතැයි පොලීසිය කියයි. මිය ගිය ගොවියාගේ පුතකු මේ සිද්ධියේ වැදගත් තොරතුරු දනී යැයි යක්කලමුල්ල පොලිසිය කියයි.

