යුද්ධය අවසන් වී ඇති නිසා උතුරේ හෝ දකුණේ අධි ආරක්ෂිත කලාප හෝ හමුදා පිරිස් අඩු විය යුතු යැයි හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා උතුරේදී ප්‍රකාශ කළේය.
ඔහු දෙදිනක් උතුරේ සිය පාක්ෂිකයන් හමුවී ළඟ එන මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම ගැන සාකච්ඡා කළේය.
‘දැන් යුද්ධය අවසානයි. යුද්ධය අවසන් වී වසර හතරක් ගතවී ගිහින්. එවැනි තත්ත්වයක් යටතේ අධි ආරක්ෂිත කලාප ගැනත්, බළසේනා තැන තැන රැඳවීම ගැනත් සළකා බැලිය යුතුයි. යුද්ධයක් නැති බව මහජනයාට ඒත්තු යන පරිසරයක් රටේ තිබිය යුතුයි. ‘