ෆොන්සේකා මල්වතු මහා නාහිමියන් බැහැ දකී


වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙකියි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නාහිමියෝ පැවැසූහ. ‘ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කෙළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ‘ රටට සේවයක් කරන ලෙස මහා නාහිමියෝ ඔහුට කීහ.‘සත්‍ය ජයගත්තා මම ඉදිරියේ දී රටට අවංකවම සේවය කරනවා‘ යැයි සරත් ෆොන්සේකා මහතා පැවැසීය.