ෆොන්සේකා මරන්න හැදූ මිනිහාට තවත් නඩුවක්


2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ යුධ හමුදා සූලස්ථානයේදී හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ කළැයි සැක පිට අත්අඩංගුවේ සිටින ශන්මුග ලිංගම් සුරිය කුමාර්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ වෙනත් නඩුවක් පවරණ බව රහස් පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට අද දැනුම් දුන්නේය. සරත් ෆොන්සේකාට එල්ල කළ බොම්බ ප්‍රහාරයේ පරීක්ෂණ සටහන් උපදෙස් පතා නීතිපති වෙත යැවූ බවද රහස් පොලීසිය උසාවියට දැන්වීය. එම සිද්ධියේදී ෆොන්සේකා බරපතල තුවාල ලබා බේරුණු නමුත් 11 දෙනෙක් මරුමුවට පත්වූහ.