ෆොන්සේකා නිදහස් කළාට ඉතාලියේ කැවුම් කිරිබත් කයි


හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හිරෙන් නිදහස් කිරීමේ ප‍්‍රීතිය සමරමින් ඉතාලි පාදෝවා නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිටට රැස්වූහ. කැවුම් කොකිස්, කිරිබත් කෑහ. ඔහු නිදහස් කළ මහින්ද රාජපක්ෂ ජනපතිට ස්තුති කළ ඔවුහු ඔහුට පුර්ණ නිදහස ද ඉල්ලා සිටියහ. හිරේ සිටින හා වැඩ තහනමට ලක්වූ සෙසු හමුදා නිලධරයන්ද සමාව ඉල්ලූහ. පාදෝවා නගර සභාවේ සජිත් ප‍්‍රනාන්දු හා ශේහාන් සිල්වා යන නාගරික මන්ත‍්‍රීවරුද එහි පැමිණ සිටියහ.