ෆොන්සේකා නවලෝකෙන් බන්ධනාගාරයට
මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව සිරෙන් නිදහස් කිරීමට නියමිත හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද පෙරවරු 10.00 ට පමණ නවලෝක රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙනයාමට නියමිතය.
ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆොන්සේකා හා දියණියෝ දෙදෙනා අදත් නවලෝක රෝහලට පැමිණ සිටියහ. ෆොන්සේකා මහත්මිය පැවසුවේ තම සැමියා බන්ධනාගාරයට රැගෙනයාමට නියමිත බවයි. ෆොන්සේකා එහිතී නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. රෝහලෙන් පිටවී යාමට තරම් දැන් ඔහු සුවයක් ලබා ඇතැයි ඔහුගේ පෙනහලු ආසාදනයට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා නිර්දේශ කර ඇත.

