හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බන්ධනාගාරයෙන් නිදහස් වනුයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනාධිපතිට ලැබී ඇති බලතල අනුවය.
ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක වරදකරු කරන ලද කවරවූ හෝ වරද කරුවකුට සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යනුකූල කොන්සේසි සහිත සමාවක් හෝ දීමට ජනපතිට ඇති අයිතිය යටතේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ෆොන්සේකා නිදහස් කිරීම සම්බන්ධ ලියැවිලිවලට පසුගිය සිකුරාදා අත්සන් තබා අධිකරණ අමාත්‍යංශයට යැවීය. නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ ෆොන්සේකාට සම්පූර්ණ සමාවක් ලැබෙනු ඇති බවයි. සම්පූර්ණ සමාවක් ලබන පුද්ගලයකුගේ සිවිල් අයිතිවාසිකම් ඇතුළු සියලු අයිතිවාසිකම් සුරැකෙන බව නීති විශාරදයෝ පවසති.
වරදකරුවකුට සමාව දීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය මෙසේය.
සබැඳි පුවත්.......