ෆේස්බුක් සාදයක් වටලා 20 ක් අත්අඩංගුවට


(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

මුහුණු පොත හරහා සංවිධානය වී මිල්ලනිය ප්‍රදේශයේ හෝටලයක මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණ තරුණියන් 20 ක් අද (09) රාත්‍රීයේ දී මිල්ලනිය කුරුදුවත්ත ප්‍රදේශයේ හෝටලයක දී  අත්අඩංගුවට ගත් බව කලුතර දිසා දූෂණ මර්ධන ඒකකය කියයි.

අත්අඩංගුවට පත් වූවන් සමඟ හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 3 ක්, කේරල ගංජා ග්‍රෑම් 15 ක්  , ඩාන්සින් පෙති 10 ක් ,විදේශීය මත්පැන් බෝතල් 2 ක් පොලිස් භාරයට ගෙන ඇත.

සාදයට සහභාගී වූවන් අතර 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙකු වන බවද පොලිසිය කියයි.