ෆේස් බුක් සාදය වටලා 77 ක් අත්අඩංගුවට


පන්නිපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන්  77 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

අදාළ සැකකාර තරුණ තරුණියන් ගංජා මත්ද්‍රව්‍ය සහ මත් පෙති භාවිතා කර ඇති බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 60 ක් සහ තරුණියන් 17 ක් සිටින බව පොලිසිය පැවසීය.