ඉතාලියේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් බරපතල ලෙස තුවාල ලැබු ශ්‍රී ලාංකිකයෝ හය දෙනෙක් ෆිරෙන්සි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබුහ.
20 දෙනෙක් සැක පිට පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ෆිරෙන්සි නුවර ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර කලක සිට පැවති ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම ඇති විය.මෙම කෝලහලය මැඩීම සදහා බස් 6 කින් පොලිසිය පැමිණි අතර තුවාල කරුවන් රැගෙන යාම සදහා ගිලන් රිය හයක් පැමිණියේය.