කල් පිරුණු තැන්පතු වෙනුවෙන් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම තැන්පත් කරුවනට රුපියල් කෝටි 103.1 ද පොලිය වශයෙන් රුපියල් කෝටි 17.9 ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට වැඩි දුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දුන් උපදෙස් සමාගම විසින් නොපිළිපදින ලදැයිද එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවට එම ෆිනෑන්ස් සමාගමෙන් ව්‍යාජ හා අසම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කැර ඇතැයිද ඔවුන් පෙන්වා ඇති වත්කම් හා බැරකම් වල පරතරයක් ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂකවරයකු වන එච් එම් ඒකනායක මහතාගේ එම වාර්තාවේ සහන්වේ.
තැන්පත්කරුවන්ට හා ණය කරුවන්ට අවාසිදායක අන්දමින්, අනිසි හා දුර්වල මුල්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කැර ඇතැයිද ඔහුගේ වාර්තාවේ දැක්වේ.