
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාව මිළදී ගත් ," ෆයිසර් " එන්නත් තවත් මාත්‍රා ලක්ෂයක පමණ ප්‍රමාණයක් අද අලුයම , කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
මුලින්ම නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙම එන්නත් තොගය , කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඊට පසුව , එතැන් සිට මෙම එන්නත් තොගය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද අලුයම 01.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

