ළිං වලට ක්ලෝරීන්
මහ වැසි සමග ජල ගැලීම් පැවති ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් දැමීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කැර තිබේ. ජල ගැලීම් හේතුවෙන් රෝග පැතිරී යාම වැළැක්වීමට මෙම පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හමුවී මේ සඳහා අවශ්‍ය ක්ලෝරීන් කුඩු ලබාගත හැකි බව ද එම ඒකකය පවසයි.

