(ඩයනා උදයංගනී)
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් අද (08) සිය පත්වීම් ලිපි ලබා ගත්තේය.
නියෝජ්‍ය සභාපති ලෙස නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය ද සිය පත්වීම ලබාගත්තාය.
මෙම පත්වීම් ලිපි ප‍්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබද අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙක් වන අතර, නීතිඥ සුජාතා අලහප්පෙරුම මහත්මිය විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරුවරියක් වන්නීය.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්ච් මහත්මිය අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.


