ළමා රෝහලේ පුංචි ඉස්කෝලයක්


බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රොහලේ හෘද සැත්කම් සඳහා පොරොත්තු ලැයිස්තුවේ සිටින දරුවන් වෙනුවෙන්  රෝහල් වාට්ටු තුළම පුංචි පාසලක් අරම්භ කළේය

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ උපදෙස් පරිදි  පවත්වන මෙම පාසලේ දැනට රෝහලේ නේවාසිකව සිටින දරුවන් 45 දෙනකු පමණ අධ්‍යාපයන ලබන අතර එම දරුවන් වෙනුවෙන් කොල්ලුපිටිය මහානාම විද්‍යාලයෙන් ගුරුවරියන් සිව්දෙනකුද අනුයුක්ත කැර ඇත

මෙතෙක් රෝහල් ඇඳන් මතම  පවත්වාගෙන ගිය පාසලට  පොත් පත්ද  ඩෙස් පුටු ද  ඉගැනුම් ආධාරක ද   පරිත්‍යාගයක් සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 ඒ 2 සාමාජිකාවන් විසින් අද සිදු කළේය

ව්‍යාපෘති නිලධාරීනි රසාදරී පිරිස් මුනසිංහ මහත්මියගේ සහ සිංහ කාන්තා කමිටු සාමාජිකාවන්ගේ සංවිධානයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් පන්ති කාමරය විවෘත කළ අතර පෙර සිංහාධිපති දුමින්ද මුණසිංහ බහු මණ්ඩල සභාපති  පද්මසිරි රණවක හෘද  රෝග  ඒකකයේ ප්‍රධානී  විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ යන මහත්වරුන් අතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ ද  විශාල පිරිසක්ද මේ සඳහා  එක්වූහ