ළමා රෝහල් අධ්‍යක්ෂ හිටි ගමන් මාරු


කොළඹ බොරැල්ලේ රිජ්වේ අර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ දොස්තර රත්නසිරි   හේවගේ හිටි ගමන් ඉවත් කැර ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර ලින්ටන් පද්මසිරි නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කැර ඇත.

දොස්තර හේවගේ ඉවත් කිරීමට එරෙහිව සියලු රෝහල් සේවකයෝ පාරට බැස  උද්ඝෝෂණයක් කළහ.

වෛද්‍යවරු පිරිසක්ද හෙද හෙදියෝද කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සේවකයෝ මේ උද්ඝෝෂණයට එක් වුහ.

දොස්තර හේවගේ සමයේ රෝහල ලොකු දියුණුවක් ලැබු බවත් 2020 දී මේ රෝහල ආසියාවේ හොදම ළමා රෝහල බවට පත් කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී ඔහු මාරු කිරීම පිළිගත නොහැකි හෙයින් වහා ඔහු යළි රෝහලට ලබා දෙන්නැයි උද්ඝෝෂකයෝ කියති

විඩියෝ දර්ශන - විශ්ව ගැමුණු ප්‍රියංකර