ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23


ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණින් ”සුවසර ගී මියැසි” සංගීත ප‍්‍රසංගය සැප්තැම්බර් (23) සවස 6ට කොළඹ 07 මියුසියස් විද්‍යාල නව ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නිරෝෂා විරාජිනී, අමල් පෙරේරා මෙහි ගී ගයති. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙයි.