ළමා කැසිල්ලට හේතුව චකිතයයි


කැසීම් ඇතුළු අසාත්මිකතා ඇතැයි සම වයසේ ළමයින් රෝහල් ගතවී ඇතත් ඊට හේතුව විෂභීජයක් හෝ රසායන ද්‍රව්‍යයක් හෝ පරිසර සාදකයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. එම පාසල්වල ජලය, පස් හා දූවිලි බොරැල්ල වෛද්‍ය පරීක්ෂනායතනයේදී පරීක්ෂා කළ නමුත් කිසිදු රෝගකාරක විෂභීජයක් හෝ ක්ෂුද්‍ර ජීවියක් සොයාගෙන නැතැයි අමාත්‍යංශය කියයි. බොහෝ විට සුළු සිදුවීමක් නිසා ආතතිය හෝ චකිතය නිසා සම වයසේ ළමයින් මෙසේ ක්ෂණික ප්‍රතිචාර දක්වන බව පෙනේයැයි ද අමාත්‍යංශය සඳහන් කරයි. මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් මෙය අසාත්මික තාවක් නොවන බවත් මායා රෝගය නම් හිස්ටීරියා තත්ත්වයක් බවත් මුල් වරට පවසන ලද්දේ නොවැම්බර් මස 16 දින එසැණ පුවත් මගිනි.