හෝර්ටන් තැන්නේ නාලා දඩ කති


(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ  පිහිටි වලවේ ගංගාවේ ආරම්භ ප්‍රදේශයේ ජල පහරකට බැස  දිය නෑමේ චෝදනාවට වරද පිළිගන්නා ලද ගුරුවරයෙකු හා සිසුන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 20,000 බැගින්  රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (23) නියෝග කළේය.
 
මෙසේ දඩ නියමවුයේ කොළඹ 05, කොළඹ 06, වැල්ලවත්ත හා පාදුක්ක යන ප්‍රදේශයන්ගේ පදිංචි පුද්ගලික අධ්‍යාපන  ආයතනයක ගුරුවරයෙකු හා සිසුවියන් තිදෙනෙකු හටය.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි  වනෝද්‍යානය ඇතුලත  වලවේ ගංගාව ආරම්භ සීමාවේ පිහිටි ජල පහරකට බැස දිය නාමින් සිටියදී වනෝද්‍යානයේ නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
  
හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න යන මහත්වරුන් ඇතළු නිලධාරීන් පිරිසක් වීසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.