හෝර්ටතැන්නට ගිනි දල්වන උපකරණ ගෙන ගිය අයකුට දඩ


(ශාන්ත චන්ද්‍රසිරි)

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළට හොර රහසේ ගිනි දැල්විය හැකි උපකරණ  රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත්නා ලද පුද්ගලයකු හට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද  (9) නියෝග කළේය.

මෙලෙස දඩ නියමවුයේ නුවරඑළිය  ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පී. කේ. පී. එම්. ප්‍රදීප් කුමාර මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.