හෝමාගම අය වැය අස්සේ ජරමර


හෝමාගම ප්‍රාදේශීය සභාවේ අය වැය විවාදය අතරතුර දී මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ බහින්බස් වීමකින් පසු අයවැයට විපක්ෂව අදහස් පළ කළ සම්පත් ජයසිංහ සහ අයවැයට පක්ෂව අදහස් පළ කළ සුකිත් හපුආරච්චි අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවීමට ගිය අතර ප්‍රාදේශීය සභාපති ඒ ඩී කුමාරසිරි මුලසුනෙන් නැගිට පිටව ගියේය.

ඔහු පිටව යද්දී ගැලරියේ සිටි පුද්ගලයකු සභාපතිගේ මුහුණට පහරක් ගැසූ අතර තවත් පුද්ගලයෙක් පුටුවකින් දමා ගැසුවත් එය සභාපතිට නොවැදුණි.

ප්‍රාදේශීය සභාවේ ආරක්ෂාවට පොලිසිය කැඳවා ඇත.

පහරකෑ සභාපති රෝහල් ගත කරනු ලැබීය.