අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති.
ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සිටි සංචාරකයෝද කිඹුලා දුර සිට නැරඹුහ. වැඩි වේලාවක් ගතවන්නට පෙර උදේ අටයි පහළොවට පමණ එක්වරම නාන තටාකයෙන් එළියට පැන්න කිඹුලා මහ මුහුදට දෙසට බඩ ගා ගිය බව හෝටලයේ සේවකයෝ පැවසූහ. කිසිවෙකුටත් කිඹුලාගෙන් අනතුරක් සිදුනොවීය.
කොග්ගල කලපුව මෝයකට ආසන්නයේ මුහුදට යාබදව මෙම හෝටලය පිහිටා තිබේ. කොග්ගල කලපුවේ සිටින කිඹුලෙකු මෝයකටෙන් පැමිණ බඩ ගා යද්දි නාන තටාකයට වැටෙන්නට ඇතැයි හෝටලයේ සේවකයෝ කියති. මෙම හෝටලය දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාට අයත් වෙයි.