හෝටන් තැන්න බේරේ
පට්පොළ-ඔහිය දුම්රියපොළ අතර බ‍්‍රහස්පතින්දා රාතී‍්‍ර හටගත් ගින්නෙන් රක්‍ෂිතයේ අක්කර 1400ක් වැනසුණු බව නුවරඑළිය මහා දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කීය. දින තුනකට පසු ගින්න නිවා ගත හැකිවිය. හෝටන්තැන්න ගින්නෙන් බේරා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවිය.
ලක්‍ෂපාන, නුවරඑළිය, හා දියතලාව හමුදා කඳවුරුවලින් 1500ක් පමණ සෙබළුන්ද, ගුවන් හමුදා හෙලිකොප්ටරයක්ද ගින්න නිවීමට යොදා ගැනිණි.
වැනසී ගිය ශාක වෙනුවෙන් අලූතින් ශාඛ රෝපණය කරන ලෙස මහින්ද රාජපක්‍ෂ ජනපති දිසාපතිට නියෝග කැර ඇත.

