හොරෙන් වස්ගමු ගිහින් අමාරුවේ


දින තුනක් තිස්සේ වස්ගමුව වනොද්‍යානයේ අතරමං වූ බව කියන තවත් 14 දෙනකු සොයා අද සවස පොලීසිය යුද හමුදාව හා නවික හමුදාව වස්ගමුව බලා ගියේය. බකමූණ අඹන් ගඟෙන් එගොඩ වී මොවුන් වනෝද්‍යානයට යන්නට ඇතැයි ද, ඔවුන් අනවසරයෙන් ඇතුලුවන්නට ඇතැයි ද, පොලීසිය කියයි. කොළඹින් ගිය හය දෙනකු සහ බකමූණේ හට දෙනකු මේ ගමනට එක් වී ඇති බවත්, වනෝද්‍යානයට පයින් යාම නීති විරෝධී බවත් වනජීවී නිලධරයෝ කියති.