හොරෙන් රට ගිහින් රටට මඩ ගසති.


මුදල් ගෙවා හොරෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවන අය නිර්ධය ලෙස ජනාධිපතිතුමාත්, රජය හා හමුදාවත් අපකීර්තියට පත්කිරීමේ වැඩපිළිවෙලක් ගෙනයන බව ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ කියති. තරැව්කරුවන්ට රුපියල් ලක්ෂ දහයක් දී ඕස්ට්‍රේලියාවට ඇතුළු වූ බවත් නාවුක හමුදාව රන් බඩු කොල්ලකන බවත් ඔවුහු ප්‍රචාරය කරති. ඔවුන් පවසන්නේ මුදල් ගත්තේ රජයට සම්බන්ධ අය බවයි. ඔවුහු මේ සඳහා ඔස්ට්‍රේලියාවේ රෝහල්, පුස්තකාල, වෙළඳ සංකීර්ණ වැනි ජනතාව ගැවසෙන ස්ථාන භාවිතා කරති.