(ටෝනි කරුණානායක)
ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඉතාලියට ගොස් ව්‍යාජ ඉතාලි හැඳුනුම්පතක් ළඟ තබා ගෙන සිටියදී ඉතාලි ගුවන්තොටුපොළ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ආපසු හරවා එවන ලද අයකු අද(6) කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර රුපියල් 10000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.
එසේ ඇප හිමිවූයේ මාදම්පේ මහබද්දේගම පදිංචි මාරසිංහ පේඩිගේ දිලීප ලක්ෂාන් නමැත්තකුටය.

