හොරුන්ට වරදී


බොරැල්ලෙන් සොරාගත් ප්ලැටිනම් කාඩ්පතකින් මිනුවන්ගොඩ සුපරි වෙළෙඳසැලකින් බඩු ගන්නට ගිය පුද්ගලයන් දෙදෙනෙක් මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රුපියල් ලක්ෂ පහ දක්වා භාණ්ඩ ගැනීමට හැකි මෙම කාඩ්පතෙන් ඔවුහු රුපියල් 180000ක රන් මුදු දෙකක් ද, විදුලිපංකාවක් ද, රුපියල් 20000ක ජංගම දුරකතනයක් ද ගෙන ඇත. ගනුදෙනුකරු හා ඔහුගේ සගයා ගැන වෙළෙදහල් සේවකයනට සැකයක් ඇතිවූයේ ප්ලැටිනම් කාඩ්පතක ‘හිමි කරු‘ ත්‍රීරෝද රියකින් පැමිණීමයි. ඒ සැකය ඔවුහු පොලීසියට දැන්වූහ. සැකකරුවන් දෙන්නා මොරගොඩවත්ත හා දිවිලපිටියේ පදිංචිකරුවෝය. කාඩ්පත් හිමිකරිය නාවල කතකි. ඇය කියනුයේ එය සොරාත් බවයි. තරුණයන් කියනුයේ අහුලා ගත් බවයි.