හොරා මාලේ ගිලී
කොළඹ කොටුව දුම්රිය පොළේ දී කතකගේ රන් මාලයක් හා පෙන්ඩනයක් කඩාගත් තරුණයකු මාලය ගිල දැමූ බවත් මාලය බඩේ ඇති බවත් එක්ස්රේ පරීක්ෂණයේ දී සොයාගත් බවත් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට වාර්තා කෙළේය. දුම්රිය සේවකයන් විසින් අල්ලා ගැනුණු ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කැර විරේකයක් මගින් රන් භාණ්ඩ සොයා ගන්නැයි නියම කළ මහේස්ත්‍රාත් ඔහු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කෙළේය. ඔහු මෙවැනි සිද්ධි 25කට පමණ හවුල් යැයි පොලිසිය අධිකරණයට දැන්වීය.

