හොරට දුම්කොල ගෙනා ව්‍යාපාරිකයා දැලේ
සුරාබදු කොමසාරිස්ගේ අවසරයකින් තොරව මෙරටට ගෙන ආ රස ගැන්වූ දුමිකොළ කිලේග‍්‍රෑමි 96 ක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටතට රැගෙන යාමට තැත්කළ ශ‍්‍රී ලාංකිකයක් ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ ව්‍යාපාරිකයකු බව කියන සැකකරු ගුවන්තොටුපොළේ අතහැර දමාගොස් තිබූ ගමන්මලු කිහිපයක් තමාගේ යැයි පවසා රැගෙන යාමට උත්සාහ කර ඇත. රේගු නිලධාරීන් ගමන්මළු පරීක්ෂා කිරීමේදී ලක්ෂ පහලවක පමණ වටිනාකමකින් යුත් රසගැන්වූ දුම්කොළ හමුවී තිබේ.

