හබරණ කැලයෙන් සොරාගත් බව කියන අලියකු මිරිගමින් සොයගත් බව වනජීවි නිලධාරීහු කියති. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය හා මගපෙන්වීමෙන් වනජීවී කඩා පැනීමේ ඒකකය විසින් මෙම වැටලීම සිදුකැර ඇත. අලියා සම්බන්ධයෙන් වසර දෙකකට පෙර නිකුත් කළ බලපත්‍රයක් හිමිකරුවන් විසින් පෙන්වා තිබේ. එහි සඳහන් වන්නේ බලපත්‍රය නිකුත්කරන අවස්ථාවේ අලි පැටවාගේ උස අඩි හරයි අඟල් හයක් බවයි. වැටලීම් කළ නිලධාරීන් අලියාගේ උස මැන බැලීමේ දී දැන් අලියාගේ උස අඩි හතරයි අඟල් හතකි. අවුරුදු දෙකකට ම අලි පැටවා උස ගොස් ඇත්තේ අඟලක් පමණක් බැවින් මේ බලපත්‍රය සැක සහිත බව වැටලීම් කළ නිලධාරීහු කියති. මේ අලියා ද මෙරට ක්‍රියාත්මක වන අලි සොරකමේ තවත් එක් අවස්ථාවක් බව පවසමින් පරිසර වේදීහු විශාල පිරිසක් ද මීරිගම අලියා ඇල්ලූ ස්ථානයේ රැඳී සිටිති. අලියාගේ බඩේ සහ පාදවල ද තුවාල දක්නට ඇත.

